යුද හමුදාව 52-13 කින් සී. ආර්. පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. පිටියේදී අද (17) පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 52 - 13 කින් කොළඹ ප‍්‍රධානතම රග්බි සමාජයක් වන සී. ආර්. ඇන්ඞ් එච්. සී. පිල පරාජය කිරීමට සමත්විය. යුද හමුදාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 38 - 6 ක් ලෙස පෙරමුණේ පසු විය.

