යුද හමුදාව 33-27 කින් පොලිසිය පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අටවැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් පිටියේදී අද (27) පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 33-27 කින් පොලිස් පිල පරාජය කළේය. පොලිස් පිල ලකුණු 10-7 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසුවිය.

