ඉන්දිකා රාමනායක
යුද හමුදාව විසින් නවවැනි වරටත් පවත්වනු ලබන දියකාවා යුද අභ්‍යාසය ඒකාබද්ධ කේෂ්ත්‍ර යුද අභ්‍යාසය ලබන 6 සිට 26 වැනි දින දක්වා මින්නේරියේ දී හා ති‍්‍රකුණාමලය කුච්චවේලි හිදී පැවැත්වේ.
යුද හමුදාවේ 2500 ක්, නාවික හමුදාවේ 400 ක් හා ගුවන් හමුදවේ 200 දෙනෙක් සහභාගී වන අතර රටවල් 23 නියෝජනය කරමින් විදේශ හමුදා සාමාජිකයන් 100 දෙනෙකු ද සහභාගී වෙති.
අනාගත පරපුර සුදානම් කිරීම, ත්‍රස්තවාදය පරාජය කළ මෙරට හමුදා සාමාජිකයන්ගේ අත්දැකීම් විදේශීය හමුදා සාමාජිකයන් හුවමාරු කර ගැනීම, විදේශ හමුදාවන්ගේ යුද අත්දැකීම් හා දැනුම, හුවමාරු කරගැනීම, සැලසුම් සකස් කිරීම, පූර්ව සූදානම, තාක්ෂණික භාවිතය, මෙම යුද අභ්‍යාස ප්‍රධාන අරමුණ බව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති සහ මෙම යුද අභ්‍යාසයේ අධ්යක්ෂ මේජර් ජනරාල් නිශ්ශංක රණවන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා කොම්පඤ්ඤවීදිය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තු බළකා ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අණදීම,පාලනය,යුද්ධෝපාය උපක්‍රම,ශිල්පීය ක්‍රම සහ කාර්ය පටිපාටියන්,විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමට මෙම යුද අභ්‍යාසය සංවිධානය කර ඇත.
යුද හමුදාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ, විශේෂ කමිටුවක පුර්ණ අධීක්ෂණ යටතේ මෙම අභ්‍යාසය පැවැත්වෙන බවද මේජර් ජෙනරාල් රණවන මහතා කියා සිටියේය.
මින්නේරියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මුලස්ථානයේ දී ලබන 6 වැනි බ්‍රහස්පතින්දා අභ්‍යාසයේ සමාරම්භක උත්සවය වන බවත් ප්‍රධාන අභ්‍යාසය 26 වැනි දින කුච්චවේලි හි දී පැවැවෙන බවත් මේජර් ජෙනරාල්වරයා කියා සිටියේය.
මෙම අභ්‍යාසය උතුර,නැගෙනහිර,මධ්‍යම,බස්නාහිර,වයඹ යන පළාත් ආවරණය වන පරිදි පැවැත්වෙන බවද රණවන මහතා ප්‍රකාශ කළේය.
මෙම මෙම අභ්‍යාසය වෙනුවෙන් මෙරටට පැමිණෙන රටවල් අතර ඇමරිකාව, මහාබ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, බ්‍රසීලය,ඕස්ට්‍රේලියාව, මැලේසියාව,පකිස්ථානය,ඉන්දියාව, චීනය,බංග්ලාදේශය,නේපාලය,ජපානය, ඉන්දුනීසියාව, නයිජීරියාව, සුඩානය, තුර්කිය, සිම්බාබ්බේ ඇතුළු රටවල හමුදා සාමාජිකයන් සිටින බවද හමුදාව කියයි.
සරල සමාරම්භක උත්සවයකින් පසුව මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේදී සැප්තැම්බර් 06 වැනි දා ආරම්භ වන දියකාවා යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් 26 දින කුච්චවේලිහිදි පැවැත්වෙන බවද මේජර් ජනරාල්වරයා පැවසීය.
මෙම යුද අභ්‍යාසය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවල විශේෂ බළකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්, මැරීන් භටයින් ඇතුළු නාවික හමුදාව සෙබළුන් , ගුවන් හමුදා සෙබළුන් සහභාගී වන බවද රණවන මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට යුද හමුදා පුහුණු අධ්යක්ෂ මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි,මේජර් ජනරාල් රුක්මාල් ඩයස්, බි්රගේඩියර් කි‍්‍රෂාන්ත ගුණරත්න, හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු, කර්නල් විපුල් ඉහලගේ, නාවික හමුදා කමාන්ඩර් ඬේමියන් ප්‍රනාන්දු, ගෲප් කපිතාන් විශ්ව සමන්ත යන මහත්වරුන් සහභාගි වුහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



