යුද හමුදා නිලධාරීන් 244 කට උසස්වීම්


 ( ඉන්දිකා රාමනායක )

72 වැනි ජාතික නිසදහස් දිනය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 244 දෙනකුට උසස්වීම් ලබා දී ඇතැයි යුද හමුදාව පවසයි.

හමුදාපතිවරයාගේ නිර්දේශ අනුව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  මෙම උසස්වීම් ලබා දීඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මඑතා පැවසීය.

බ්‍රිගේඩියර්  නිලයේ සිට නිලධාරීන් 17 දෙනකු මේජර් ජෙනරාල් නිලයටත් ,ලුතිනන් කර්නල් නිලයේ සිටි 45 දෙනකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ සිටි 49 දෙනකු ලුතිනන් කර්නල් නිලයටත්, කපිතාන් නිලයේ  සිටි 42 නෙක් මේජර් නිලයටත් , ලුතිනන්  නිලයේ සිටි 80 දෙනකු කපිතාන් නිලයටත්, දෙවැනි ලුතිනන් නිලයේ සිටි 11 දෙනකු ලුතිනන් නිලයටත් වශයෙන් මෙම උසස්වීම් ලද බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

පුරප්පාඩු අනුව නිසි සුදුසුකම් අනුව මෙම උසස්වීම් ලබා දී අති බවද හමුදා ප්‍රකාශකවරයා කීවේය.