යුද සුන් බුන් වෙන්දේසියේ


යුද්ධයේ අවසන් වකවානුවේදී වන්නි වැසියනුත් කොටි සංවිධානයත් අතහැර දැමූ වාහන ලබන මෝසම් වැස්සට පෙර වෙන්දේසියේ විකිණීමට යයි. වවුනියාව කච්චේරි භූමියේ ගොඩ ගැසූ පා පැදි යතුරු පැදි හා වෙනත් වාහනවල අයිතිකරුවන් සිටිනම් අනන්‍යතාවය ඔප්පු කැර රැගෙන යා හැකි බව වවුනියා දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි. වෙන්දේසි කැරෙන වාහනවලින් ලැබෙන මුදල් රජයේ ගිණුමට බැර කැරේ. යුද්ධය අවසන්වී වසර තුනක් පමණ ගතවී ඇති අතර මේ වාහනද බෙහෙවින් දිරාපත්වී ගොසිනි.