යුද සමයේ සැඟවු මෝටාර් උණ්ඩ 11 ක් යාපනයෙන් සොයාගනී


( රොමේෂ් මධුෂංඛ)


යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සඟවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වළදමා තිබියදී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසයි.


යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නෙල්ලියඩි තුන්නාලෙයි නැගෙනහිර  ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ 5 ක් වලදමා තිබියදී සොයාගෙන ඇති අතර පසුව ලැබුණු තොරතුරකට අනුව කයිට්ස් ප්‍රදේශයන්හි කැලෑවක වලදමා තිබූ මොටාර් උණ්ඩ 6 ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.


කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී පී.ජේ.එස්. විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධීකාරී ඒ.පී මාලන් සිගේරා මහතාගේ මෙහෙයවීමෙන් කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.පී.එස්. කුමාර මහතා සහ දෙවන කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂඛ එම්.එස් පුෂ්පකුමාර යන අයගේ නායකත්වයෙන් උපපොලිස් පරික්ෂක දයාරත්න , පොලිස් සැරයන් වරුන් වන 2944 උපුල්, 39823 පුෂ්පකුමාර, 14476 බංඩාර, පොලිස් කොස්තාපල් වරුන් වන 27509 හේරත්, 83599 දසනායක, 13549 සුසන්ත,78928 ශේෂන් යන නිලධාරීන් විසින් මෙම මෝටාර් බෝම්බ තොගය සොයාගෙන ඇති අතර යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව අදාල මෝටාර් උණ්ඩ නිශ්ක්‍රීය කිරීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්  පියවර ගෙන තිබේ.