(ශිරාන් රණසිංහ)
හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ සියලු තොරතුරු ඇතුළත් කර ග්‍රන්ථයක් ලිවීමට ආරම්භ කර තිබේ.
යුද ජයග්‍රහණය ගැන කියවෙන මෙම ග්‍රන්ථයට අදාළව මේ දිනවල කටු සටහන් තබමින් සිටින බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා කියා සිටියේය.
අවසන් යුද විජයග්‍රහණයට අදාළව ග්‍රන්ථයක් ලියන්නටත් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර ඇතැයිද ඊට සහභාගී වී ඇති පිරිස ලියනු ලබන පොත විහිළුවක් වනු ඇතැයිද පැවසීය.
ජනාධිපතිවරයා සමඟ පැවැති එම සාකච්ඡාව සඳහා තමාට ආරාධනාවක් නොලැබුණු බවද ඇමැති සරත් ෆොන්ස්සේකා මහතා කියා සිටියේය.
යුද්ධය, යුද ජයග්‍රහණය ,යුද්ධයට තල්ලුවී යෑම ඇතුළු තිස් වසරක කුරිරු යුද්ධය පිළිබඳ, සුදුසුම පුද්ගලයා තමා බැවැනි ලබන වසර අවසානයට පෙර තමා ලියන ලද පොත එළිදැක්වීම අරමුණ වී ඇතැයිද ඒ මහතා පැවසීය.