මනෝප‍්‍රිය ගුණසේකර
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, පැති බෝම්බ, මැග්නට් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ළඟ තබාගත් බව කියන කොටි සාමාජිකයින් අට දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කැරුණු විත්තිකාර කොටි සාමාජිකයින් අටදෙනාගෙන් සිව්දෙනෙකුට එරෙහි අධි චෝදනා පත‍්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉතිරි කොටි සාමාජිකයින්ට එරෙහි චෝදනා පත‍්‍ර බාරදීම සඳහා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙලෙස චෝදනා ලැබ සිටින්නේ එඩ්වඩ් ජුලියන් හෙවත් රමේෂ් හෙවත් අන්බු, සත්‍යසීලන් ජයන්තන් හෙවත් අරූන්, රාසදෝරේ ජෙයින්තන් හෙවත් කුට්ටි, සීතා ගෝපාල් ආරූමුගම් හෙවත් පෙරියවන්, එස්. රාසනායගම් හෙවත් රාසන්, එන්. ගජකෝකිලයන් හෙවත් වික්ටර්, එස්. ගජනරාජ් හෙවත් අන්බු සහ එස්. සිවදරන් හෙවත් දර්ශන් නමැත්තන්ය.

