තංගල්ල මැදකැටියේ සංචාරක නිවහනක දී තමාට පහර දුන් ත්‍රිරෝද රියදුරාට සමාව දීමට යුක්රේන තරුණියක් කැමැත්ත පළ කළාය.
තිදර පියකු වන මෙම ත්‍රිරෝද රියදුරා එම තරුණියට පහර දී ඇත්තේ ඔහුගේ බිරියගේ උදව්වට පැමිණි අවස්ථාවේ දීය. ගෙදර ආරවුලක් නිසා ඇය සැමියාගේ පහරින් බේරීමට ලැගුම්හලට පැන ඇත.
එහිදී යුක්රේන කත ඇය බේරා ගන්නට ඉදිරිපත් වූ නිසා පහරකෑමට ලක්වූ බව පොලිසිය කියයි.
තමාට පහර දුන්නත්, දරු තිදෙනාත් බිරියත් ඊට පළි නැති නිසාත්, අවුරුදු සමයේ ඔහුට සිර බත් කෑමට සිදුවන නිසාත් ඔහුට සමාව දුන් බව ඇය පොලිසියේ දී කීවාය.

