යාල සතුන්ට වතුරයි පලතුරුයි කතරගමින්


අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ  සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජනතාව මේ දිනවල  සිතුල්පව්ව  පුද බිම් පැත්තට පැමිණෙති.

මාස නවයක් පමණ  වර්ෂාව නොලැබුණු බව සිතුල්පව්ව ආශ්‍රිත වැසියෝ කියති.

කටගමුව ,කොච්චිපතාන,වරහන,කටගමුව බොරළුවල,කොටි වැව ආශ්‍රිතව සිදී ගිය වැව් අශ්‍රිත දිය කඩිති වලට වතුර බවුසර මගින් ජලය පිරැවේ.

ඓතිහාසික  සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන්ගේ   ඉල්ලීම මත වන සතුන්ට අවශ්‍ය ජලය හා ආහාර සැපයීම පිළිබඳ ඉකුත් දිනවල ලංකාදීපයේ පළ වු පුවත් වලින් පසු විවිධ සංවිධාන හා විවිධ ප්‍රදේශයන්හි ජනතාව සතුන්ට ආහාර පාන ලබා දීම සඳහා ඉදිරිපත් වී සිටි සිටිති.

DSC02994 DSC02995 DSC03024 DSC03031 DSC03033  DSC03037 DSC03038 DSC03039 DSC03042 DSC03053 DSC03054