යාපනය දිස්ත්‍රික්කයේ පවතින සුභසාධන මධ්‍යස්ථාන කඩිනමින් වසා දමා ඔවුන්ගේ කැමැත්ත පරිදි නැවත පදිංචි කිරීම් කඩිනම් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඉදිරි දින කිහිපයේදී වාර්තාවක් ලබා දෙන්නැයි ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා ලබා දී තිබේ.
ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති නැවත පදිංචි කිරීමේ අංශයේ නිලධාරීන් සමඟ අද(09) පැවති විශේෂ සාකච්ජාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අවතැන්වූවන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම, අවතැන්වූ සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීම සදහා වූ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරු නැගෙනහිර අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වැනි කරුණු ගැන මෙහිදී වැඩිදුර සාකච්ඡා කෙරිණි.
දීර්ඝ කාලීනව අභ්‍යන්තරව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කලමණාකාර ඒකකය විසින් සිදුකරන ලද කාර්යයන් පිළිබදව නැවත සමාලෝචනයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන මෙන්ද අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
උතුරු නැගෙනහිර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී විශේෂයෙන් එම ජනතාවගේ අවශ්‍යතා හදුනාගෙන ඔවුන් අපේක්ෂා කරන වැඩසටහන් කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරල ඒ සදහා වන නව ව්‍යාපෘති සැලසුම් කර ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.විලේන්ද්‍රන්, වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.විජයලෙච්චමි මහත්මිය ඇතුළු නිලධාරිහූ රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

