යාපනයේ පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහර දීලා


(ඉන්දිකා රාමනායක)

යතුරුපැදි වලින් පැමිණි පිරිසක්  යාපනය නාවලර් පාර ප‍්‍රදේශයේ දී  පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පොලූ වලින් පහර දී ඝාතනය කර ඇති බව යාපනය පොලිසිය කියයි.

මෙම  පිරිසගේ පහර කෑමට ලක්ව මියගිය අයගේ බිරිඳ හා  පුතා ද යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.

හරකෙකු සොරා ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන සැකකරුවන් පිරිස  පුද්ගලයාගේ නිවසට පැහැරගෙන ගොස්  පහර දී ප‍්‍රදේශයේ කෝවිලක් අසල දමා ගොස්  තිබු බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.