යාපනයේ දෙපිරිසක් කපා කොටාගෙන 7ක් රෝහලේ


(රොමේෂ් මධුෂංඛ)
 
යාපනය කොට්ටඩි ප්‍රදේශයේදී දෙපිරිසක් තියුණු ආයුධවලින් පහරදී ගැනීම හේතුවෙන් 7දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව යාපනය පොලීසිය පවසයි.
 
මෙම ගැටුම ඇති වී ඇත්තේ, යාපනය කොම්බාවිල් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් සහ කොට්ටඩි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අතරය.
 
මෙම පිරිස ආයුධ සහිතව තෛයිපොංගල් දින උත්සවයකට පැමිණ සිටීම හේතුවෙන් ආවා කල්ලියේදැයි සැක සිතී වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
 
පහරදීමෙන් තුවාල ලැබූ තරුණයන් 7දෙනෙකු ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පුළුල් පරීක්ෂණයක් කර ඇත.