
(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේදී වැසියෙකු විසින් ගෙවත්ත පිළිසකර කිරීමේදී වළදමා තිබූ පෙට්ටියක අත්බෝම්බ 17ක් තිබී හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
ගෙවත්ත පිළිසකර කරමින් සිටි වැසියෙකුට ගෙවත්තේ වළදමා තිබූ යකඩ පෙට්ටියක් හමු වී ඇති අතර එහිදී ආයුද ඇති බවට නිරීක්ෂණය වීමත් සමඟ ඒ පිළිබඳව යාපනය පොලිසියට දැනුම් දීමට නිවැසියා විසින් පියවර ගනු ලැබීය.
අනතුරුව අදාල ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් වලදමා තිබූ යකඩ පෙට්ටිය නිරීක්ෂණය කිරීමේදී එහි තීබි දිරාගිය අත්බෝම්බ 17 ක් තිබී ඇති අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් වළදමන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටි.
හමු වූ අත්බෝම්බ තොගය අධිකරණය නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.



