( සිතුම් චතුරංග)
යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (30) වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂයට අදාළ අයවැය කියවීම දෙවැනි වරටත් පරාජයට පත්වීම හා තනි පක්ෂයක් වෙත 50% හෝ බලයක් නොමැතීවීම හේතුවෙන් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා පත් කිරීමේ ජන්ද විමසීම ඊයේ උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් ෆැට්‍රික් නිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ජන්ද 21 ක්ද, මහ නගර සභාවේ හිටපු නගරාධිපති වු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී (ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරඟ කළ) එමානුවේල් ආනෝල්ඩ් මහතා වෙත ජන්ද 20 ක්ද හිමිවු අතර, එහිදි වැඩි ජන්දයක් ලබා ගනිමින් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා තේරී පත්වූහ.
යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය ජන්ද විමසීම දෙවැනිවර කියවීම පසුගිය 16 වැනිදා වැඩි ජන්ද තුනකින් පරාජයට පත්ව තිබුණි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් මහතා 2021 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය පළමුවර කියවීම දෙසැම්බර් 02 වැනිදා සිදුකළ අතර, එහිදි අයවැයට පක්ෂව ජන්ද 19 ක්ද විපක්ෂව ජන්ද 24 ක්ද හිමිවිය.
නව නගරාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමේදී දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ඊ.පි.ඩි.පි පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු , දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශකොට තිබූණි.
යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා වෙත දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 15 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු, දෙමළ නිදහස් පෙරමුණ මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු පක්ෂව ඡන්දය ප්‍රකාශකොට තිබූ බවද මහ නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කළහ.
මහ නගර සභාවේ අයවැය දෙවරක් පරාජයට පත්වීම හා මහ නගර සභාවේ තනි පක්ෂයකට 50% ක තනි බලයක් නොමැතිවීම හේතුවෙන් මහ නගර සභා පනතේ ප්‍රතිපාදන මත පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නව නගරාධිපතිවරයෙකු පත්කරගැනීම සිදුකෙරිණි.

