යාපනය චැලෙන්ජර්ස් - වයඹ බ්ලැක්ස් කාල්ටන් රග්බි සම ශූරතාව දිනති


තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් අදියර දෙකක් යටතේ පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේදී යොෂිත රාජපක්‍ෂගේ යාපනය චැලෙන්ජර්ස් පිල සහ චානක චන්දිමාල්ගේ වයඹ බ්ලැක්ස් පිල සමස්ත සම ශූරයන් බවට පත්වූහ. බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (03) අවසන් වූ දෙවැනි සහ අවසන් අදියරේ ශූරයන් බවට යාපනය චැලෙන්ජර්ස් පිල පත්වූ අතර අනු ශූරතාව බස්නාහිර වෝරියස් පිලට හිමිවිය.මහනුවරදී පැවැති පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ලකුණු එකතු කර වැඩිම ලකුණු ලැබූ පිලට ශූරතාව හිමිවිය. ඒ අනුව යාපනය චැලෙන්ජර්ස් සහ වයඹ බ්ලැක්ස් යන කණ්ඩායම් දෙක ලකුණු 37 බැගින් ලබා සිටියහ.යාපනය පිල පළමු අදියරේ හත්වැනි ස්ථානය (12) ද, දෙවැනි දියරේ පළමු ස්ථානය (25) ද ලැබූ අතර වයඹ පිල පළමු අදියරේ පළමු ස්ථානය (25) ද, දෙවැනි අදියරේ හත්වැනි ස්ථානය (12) ද ලැබීය. දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵලඅවසන් මහා තරගයයාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (26-17) තෙවැනි ස්ථානය ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (35-19) 5 වැනි ස්ථානයඋතුරු මැද ටයිපෝන්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී. (28-14) 7 වැනි ස්ථානයවයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී. (17-14) 9 වැනි ස්ථානයමධ්‍යම කිංග්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. (12-7) ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා අතින් යෝෂිත රාජපක්‍ෂ සහ චානක චන්දිමාල් කුසලාන ලබාගත් අවස්ථාව. (ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)