යාපන සිසු නායකට මැර ප්‍රහාරයක්


යාපනය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වී දර්ශනානන්දන් නාඳුනන පිරිසක් පහරදීමකින් තුවාල ලබා යාපනය රෝහටල ඇතුළත් කර ඇතැයි එහි ආචාර්වරයෙක් පැවැසීය. ඒ සිද්ධියත් සමග එහි සිසුහු දේශන වර්ජනය කළහ. යාපනය, කොකාවිල්හි දී ඔහුට පොලු මුගුරුවලින් පහරදී හිසටත් පාදවලටත් තුවාල කැර ඇතැයි එම ආචාර්යවරයා කීය.