යාන්ත්‍රික කියතකින් කැපීමෙන් දෙදෙනකුට තුවාල


(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තෙගම මහ මැද්දාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව යාන්ත්‍රික කියතකින් කපා බරපතල  තුවාල සිදුකළ සැකකරුවකු නවගත්තෙගම පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම මොරගහවැව පදිංචි අයකු බව කියයි.

පොලිසිය පවසන්නේ  කලක් පටන්  පැවති ආරවුලක් මෙම සිද්ධියට මුල් වි  ඇති බවයි.

පොලිසිය පවසන්නේ යාන්ත්‍රික කියතකින් කැපුම් තුවාල සිදුවූ අය මෙම සැකකරු  සමග සවස ගැටුමක් ඇති කරගෙන ඇති බවත් ඉන්පසුව සැකකරු නිවසෙ තිබු යාන්ත්‍රික කියත පණ ගන්වා ඉන්පසුව තුවාල ලැබූ පිරිස පසුපස හඹායමින් කපා ඇති බවයි.

බරපතල තුවාල ලැබු දෙදෙනාගෙන්  අයකු ගල්ගමුව රෝහලටත්, අනෙක් තැනැත්තා පුත්තලම මූලික රෝහලටත් ප්‍රතිකාර සඳහා යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු යාන්ත්‍රික කියතත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.