යාචක අලි පුරුද්ද අත නාරිති


කොළඹගේආර උඩවලව හම්බන්තොට මාර්ගයේ දෙවැනි අලි වැට පාරේ සිට මීටර් 100ක් පමණ දුරින් ඉදිකර ඇති නිසා උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන්ට දැන් හිඟමන් ඉල්ලීමට පාර අයිනට පැමිණීමට නොහැකි බව වනජීවී නිලධරයෝ කියති. එහෙත් අලි ඇත්තු ජලාශයෙන් පිහිනා විදුලිවැට කෙළවරින් පාර අයිනට පැමිණ හිඟාකෑමට පුරුදු වී සිටිති. එසේ ආ අලියකුට මිනිසුන්ගෙන් හොඳටම කෑම බීම ලැබිණි.