යතුරුපැදියෙන් හෙරොයින් අරන් ගිය බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත කොමසාරිස් යටතේ සේවය කරන නියාමකවරයකු රුපියල් එක් ලක්ෂ පනස් දහසක හෙරොයින් මත්කුඩු යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී අද (12) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 1000 ක් තිබී සොයා ගත් බව පොලිසිය කියයි. කලකට පෙර කලුතර බන්ධනාගාරයේ සේවය කළ පුද්ගලයකු හෙරොයින් මත්කුඩු ජාවාරම් සිදුකරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකාර බන්ධනාගාර නියාමකවරයා කලුතර දෙස සිට හොරණ දෙසට යතුරුපැදියෙන් යමින් සිටි බව පොලිසිය පවසයි.