යතුරුපැදිකරුගේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයා රෝහලේ


(එස්. ඩි.කොඩිකාර)
 

මිරිස්ස බදුගොඩ ප්‍රදේශයේදී  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයෙකුට අද (27) වෙඩි තබා පලා ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි .
 මෙසේ තුවාල ලබා ඇත්තේ මිරිස්ස ධීවර   වරාය මාර්ගයේ බදු ගොඩ ප්‍රදේශයේ පදිංචි (51) හැවිරිදි  ව්‍යාපාරිකයෙකි.

ඔහු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළු කර ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .