යතුරුපැදි හොරු දෙන්නෙක් කොටුවෙති
කිරිඳිවැල හා අවිස්සාවේල්ල ප්‍රදේශවල දී යතුරු පැදි හතරක් සොරා ගැනීම සම්බන්ධයෙන් කිරිඳිවැල පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
වයස අවුරුදු 16 හා 24 වියේ පසුවන සැකකරුවන් සොරා ගත් බව කියන යතුරුපැදි හතරම පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

