යතුරුපැදි ගැටුම දුර දිග යයි


දෙහිවල සිසුන් දෙපිරිසක් අතර අඟහරුවාදා රාත්‍රී ඇති වු ගැටුමකින් පසු මොරටුව ව්ශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු පීඨය හා තොරතුරු තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දැමු බව මොරටුව විශ්ව විද්‍යාලයේ  උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.

විශ්ව විද්‍යාලයේ  වාස්තු විද්‍යා පීඨයේ හා තොරතුරු තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද උප කුලපතිවරයා සදහන් කළේය.

තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකුගේ යතුරු පැදියක් ඉංජිනේරු පීඨයේ සිසුවකුගේ ඇගේ හැපීම ගැටුමට හේතුව බව අනාවරණය වී තිබේ.

ගැටුමෙන් යතුරුපැදියට හානි වී ඇතැයි මොරටුව පොලීසිය කියයි.

මොරටුව හා ගල්කිස්ස පොලීස් නිලධාරීන් ව්ශ්ව විද්‍යාලයටපැමිණ ගැටුම සමථයකට පත්කර තිබේ.

ගල්කිස්ස පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණය මත මොරටුව පොලිස් ස්ථානාධිපති එම්.නූර්ඩීන් මහතා ඇතුළු නිලධාරී හු පරින්ෂණ පවත්වති