යටලමත්ත අනතුරින් අයෙක් මරුට අයෙකුට බරපතලයි


අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගේවත්ත

යටලමත්ත කළුබෝවිටියනදී අද සවස 4.00 පමණ සිදුවූ  යතුරු පැදි සහ මෝටර්රථ අනතුරකින්  බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ තරුණයන් දෙදෙනෙකු අතුරින් 23 හැවිරිදි තරුණයකු   මරුමුවට පත්වී ඇති බව කරාපිටිය  රෝහල් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  නාගොඩ ,යටලමත්ත ඉහලපිට්ටනිය  පදිංචි වැවගොඩ පතිරගේ මහේෂ් මදුශංක නමැති 23 හැවිරිදි තරුණයෙකි. අනතුරින් මෝටර් රථයට ,දුරකථන රැහැන් සහිත   කණුවකට සහ යතුරු පැදියට බරපතල හානි  සිදුව ඇත.