යටගියාවටත් විරෝධය
අනුරාධපුර රාමකැලේ තොළුවිල පිළිමගෙය අසල පුරාවිද්‍යා කැණීම්වලට ප්‍රදේශවාසීන් අද විරෝධය පළ කළහ.
කැණීම් කටයුතු නිසා තම මාර්ගය අවහිර වෙතියි ඔවුහු කීහ.
නිවත්තකචේතිය විහාරස්ථානයේ විහාරාධිකාරී රත්ගම සමිත හිමියෝ මෙසේ පැවසූහ.
‘අපි වසර ගණනාවක් රාමකැලේ ගමේ පවුල් 200ක් පමණ ජීවත් වෙනවා. අපිට යන්න එන්න පාරක් අවශ්‍යයයි.‘
පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ කැණීම් බොහෝ ප්‍රමාණයක් සිදුකර අවසන් ඇති අතර මේ මාර්ගයේ සුළු කොටසක පමණක් කැණීම් සිදු කළ යුතු බවයි.

