යකාගල පැපොල් වගාවේ යකා නටලා


අගුණුකොලපැලෑස්සේ යකාගල අක්කර එකහමාරක පමණ පලදාව සහිත පැපොල් වගාවක් කපා විනාශ කැර ඇතැයි අයිතිකරු එම් ඒ සමන්ත පොලීසියට පැමිණිලි කැර ඇත.

පැපොල් වගාව කපා දැමී යැයි කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිටි ඔහු ඉඩම අයිතිකරුගේ නෑයෙකි.

පැපොල් ගසකින් සතියකට කිලෝ තුනක පමණ පලදාව නෙළාගනී. පැපොල් ගසක ආයු කාලය වසර දෙකහමාරකි.ඒ අනුව තමන්ට රුපියල් ලක්ෂ කිහිපයක හානි සිදු වු බව  ඔහු කියයි.මේ දිනවල අගුණුකොලපැලැස්සේ පැපොල් කිලෝවක මිල රුපියල් 55-60 අතර වෙයි.

vimal1 vimal-3