යක්කලමුල්ල පොලීසියේ 49 ක තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ


 (ඩී.ජී.සුගතපාල)

නියමිත දිනට ඉදිරිපත් නොකිරිම නිසා යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් 49 කුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේපවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසිය.

 පොලිස් නිලධාරින්ගේ තැපැල් ඡන්ද විමසිම හෙට (16) සහ අනිද්දා(17) දෙදින තුළ පැවැත්වේ.
 
ඒ අනුව යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් 49 කුට තැපැල් ඡන්දය අහිමිවි ඇත.
 
එහෙත් එම නිලධාරින්ට  අගෝස්තු 5 වැනි    දින ඡන්දය ප්‍රකාශ කිරිමට හැකි බවද ඒ සඳහා පොලිසිය වැඩ පිළිවෙලක් සකස් කරගත යුතු බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා පැවසිය. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේයූ.චන්ද්‍රලාල් මහතා වැඩි දුරටත් සඳහන් කළේ  තැපැල් ඡන්ද අයදුම්පත් ජූනි 10 වැනි දිනට හෝ එයට පෙර බාරදිය යුතුව තිබුණත් යක්කලමුල්ල පොලිසිය එය තැපැලට බාරදි ඇත්තේ ජූලි 11වනදින බවය.