යකඩ පොල්ලකින් පුද්ගලයෙකුට පහරදුන් ඝාතකයා අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

ඉංගිරිය පහළ ඌරුගල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී හමුදා කෝප්‍රල්වරයෙකු විසින්  යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  වයස අවුරුදු 54 පුද්ගලයෙකි.

පහර දීමෙන් අනතුරුව සැකකරු කැලයකට පලාගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පහර දීමට සම්බන්ධ බව කියන කෝප්‍රල්වරයා  දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව  සේවය කරන මාතලේ පදිංචිකරුවෙකි.a

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.