මෝදනා අවතැන්වුවනට ඉතාලි අතහිත


පසුගිය සෙනසුරාදා  ඉතාලියේ එමිල්ලියා රොමඤ්ඤා සිදු වූ භූමිකම්පාවෙන් මෝදෙනා සන් ෆෙලිචේ නගරයේ ශ්‍රී ලාංකික තිස්දෙනෙක්  විපතට පත්වූහ. එම පිරිසට අවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය රැගෙන මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියෝ ද දායකයෝ පිරිසක් ද එම ප්‍රදේශයට ගියහ. මෙම පිරිසට තවත් මසක පමණ කාලයක් එහි සිටීමට සිදු වෙතියි කියති.  දරුවන්ගේ ආහාර, ඇඳුම් ආදිය ඔවුන්ගේ අවශ්‍යතා අතර වෙයි.  අවශ්‍ය තොරතුරු 059783047 3285365382 දුරකථන අංකවලින් දැනගත හැකි බව කරුණාවෙන් සලකන්න.