මෝදනා අවතැන් වූවන් බලන්න නියෝජ්‍ය ඇමැති යයි


ඉතාලියේ මෝදනා නගරයේ භූමි කම්පාවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනා හමුවීමට ගිය නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ඔවුනට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සහනදායි මිලට ගුවන් ටිකට්පත්  දීමට එකඟ විය. අවතැන්වූ ශ්‍රී ලාංකිකයෝ කඳවුරු හතරක සිටිති.  මහින්ද රාජපක්ෂ ජනපති  අද  රෝමයට පැමිණීමට නියමිත අතර ලබන සිකුරාදා (8) 16 වැනි බෙනඩික් පාප් වහන්සේ හමුවීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.