(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
කොළඹ පෞද්ගලික රෝහලක පළමු මහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් අද (22) උදේ එහි ආරක්ෂක වැට කඩාගෙන පහළට ඇද වැටීමට යාමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුවූ අතර බිම් මාලයේ නවතා තිබූ මෝටර් රියකටද සුළු වශයෙන් හානි සිදුවිය.
පළමු මහලේ ආරක්ෂක වැටේ කොටසක් හා එහි බැම්මද කැඩී ගිය අතර මෙම අනතුරෙන් කිසිවෙකුට හෝ හානියක් සිදු වී නැත.
මෝටර් රිය බිමට ඇද වැටුණේ නම් විශාල හානියක් වීමට ඉඩ තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් කීය.මෝටර් රථයට ආරක්ෂක වැටෙන් පහළට වැටීමට ගිය හේතුව අනාවරණය වී නැත.







