මොරටුව වේල්ස් කුමර විදුහල ආනන්දය පරදවා ශූරයන් වෙයි
මොරටුව වේල්ස් කුමර විදුහල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට සමත් විය. රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (22) පැවැති අවසන් තරගයේදී වේල්ස් කුමර විදුහල ලකුණු 22 - 15 කින් කොළඹ ආනන්ද විදුහල පරාජය කළේය.

