මොරටු මහ විදුහල ලකුණු 156 ක් ඉදිරියෙන්


පානදුර ශ‍්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වූ 61 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී සුමගංල විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 51 ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසුවිය.

පළමුව පන්දුවට පහර දුන් මොරටු මහ විදුහල් පිල නියමිත  ඕවර 60 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

හෙට (23) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

මොරටු මහ විදුහල පළමු ඉනිම  ඕවර 60 කදී කඩුලූ 6 ට 207

(ඉෂාන් නිලක්‍ෂ 48, සමින්ද මධුරංග 46, තිලාන් කවිෂ්ක 16, ශමේෂ් චම්පික 17, උෂේන් තාරුක 20, ළහිරු විමුක්ති 51/3)

ශ‍්‍රී සුමංගල විදුහල පළමු ඉනිම  ඕවර 25 කදී කඩුලූ 6 ට 51

(තරුක නදීෂාන් 19, විෂාද් රන්දික 16, ඉෂාන් නිලක්‍ෂ 22/2, දුෂාන් තුලක්‍ෂණ 24/3)