(ක.ග කරුණාරත්න)
මොරගහකන්ද ජලාශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ වැව් වලට හිමි ජල ප්‍රමාණය කොපමණදැයි තීන්දු කළ යුතුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහ ගොවිජනපද ව්‍යාපරවලට අයත් ගොවි සංවිධාන සභාපතිවරු විමසති.
මේ වසර (2018) අවසන්වීමට පෙර ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකිවුවහොත් පොලොන්නරුවේ ජල අයිතිය ඉල්ලා ඒ වෙනුවෙන් අධිකරණයට යාමට සිදුවනු ඇතැයි ඔවුහු මහා අද (21) පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළහ.
උතුරු මහ ඇල සහ වයඹ මහ ඇල ඉදිකිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ සිට ජලය මුදා හැරීමෙන් පසුව පොලොන්නරුවේ වැව් වලට ඉදිරිකාලයේදී ජලය හිඟ වීමේ අවදානමක් පවතිනු හෙයින් මොරගහකන්දෙන් පොලොන්නරුවට ලබාදෙන ජල ප්‍රමාණය කොපමණදැයි නිශ්චිත තීන්දුවකට එළඹිය යුතුව ඇති බව ගොවි සංවිධාන සභාපතිවරු මෙහිදී පෙන්වා දුන්හ.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අභයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්විණි.