මොරගහකන්දේ ජලකාන්දුව අවසන්


(කාංචන කුමාර ආරියදාස)
 
මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ පසුගියදා ඇතිවූ ජල කාන්දුව සම්පූර්ණයෙන්ම  අද (14) වන විට අවසන් කළ බව  මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති නිලධාරීහු පවසති.
 

මේ වන විට ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා එහි සවිකොට තිබූ ආරක්ෂිත යකඩ වැට ඉවත් කිරීමේ කටයුතු උදෑසන සිට ආරම්භ කළ බවද ඔවුහු පැවසූහ.
 
ධාරානිපාත වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශ උපරිම ජල සීමාව ලැබීමත් එක්ක  ප්‍රධාන වේල්ලේ  ඉහළින් විනාඩියකට ලීටර් දෙසීයක පමණ ජල කාන්දුවක් සිදු වන බවට තොරතුරු අනාවරණය විය.පසුව ඒ පිළිබඳව මහවැලි බලධාරීන්ගේ සහ රජයේ අවධානය යොමුවී තිබිණි.
 
ඒ අනුව අවස්ථා කිහිපයකදී  සොයා බැලීම් කටයුතු සිදු කළ මහවැලි බලධාරීන් කියා සිටියේ දින දහයක කාලයක් තුළ චීන කොන්ත්‍රාත් සමාගම හරහා සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් මෙම ජල කාන්දුව  වසා දැමීමට හැකියාව පවතින බව ය,
 
ඒ අනුව නිසි පරිදි දින 10 ගතවීමට මත්තෙන් ජලාශේ  පැවති ජල කාන්දුව සම්පූර්ණයෙන්ම නිමා කිරීමට හැකිවූ බව මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී. බී. විජයරත්න මහතා පැවසීය.