මොරගහකන්ද වැඩ බිමක් ඉවරයි


මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ චීන වැඩ බිමක් ද, යකඩ පාලමක් ද නේවාසිකාගාර ද ගංවතුරට ගසාගෙන ගොස් රුපියල් කෝටි පහකට වැඩි හානියක් සිදුවී ඇතැයි චීන ඉන්ජිනේරුවෝ කියති. යකඩ පාලම මීටර් සියයක් ඈතට ගසාගෙන ගොස් තිබූ අතර බැකෝ, ටිපර්, ලොරි ආදිය වැලි වලින් වැසී ඇත. ඇතැම් පෙදෙස්හි ගසක්වත් ඉතිරිවී නැත. පරිඝනක දෙකක් පමණක් බේරා ගත හැකි වූ බවත්, සියල්ලම ඉවර බවත් චීන ඉන්ජිනේරුවෙක් කියයි.