මොනරාගල නින්ජා ප්‍රහාර


අංක තහඩු නැති හෝ ගරාජ් අංක වලින් ධාවනනය වන වාහන වලින් යන තුවක්කු කරුවන් මොනරාගල හා වැල්ලවායේ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල වලට පහර දෙතියි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ කොමසාරිස්ට හා පොලීසියට දන්වා ඇත.

එහෙත් එවැනි ප්‍රහාරකයින් හෝ අංක නැති වාහන හෝ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බව ද කැෆේ සංවිධානය පවසයි.

අගෝස්තු 29-30 යන දිනයන්හි ජවිපෙ කාර්යාල  පහකට ද එජාප කාර්යාල හතරකට ද පහර දී ගිනි තබා ඇතැයි ද කාර්යාල තුනක් මුළුමනින්ම වනසා ඇතැයි ද එම සංවිධානය කියයි.