මෛත්‍රීට ලන්ඩනයේත් නිදහස් පක්ෂ ශාඛාවක්


ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු පසුගියදා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමේ ශාඛාවක් පිහිටුවා ගත්හ.

ලන්ඩන් නුවර පිහිටි සුප්‍රකට ලිහිණියා අවන් හලේදී මෙම නව ශාඛාවේ ආරම්භක රැස්වීම පැවැත්විණි.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ බොහෝ පිරිසක්  ඊට සහභාගීවූ බව නව ශාඛාවේ සභාපති ලසන්ත පෙරේරා  කියයි.

අභිනවයෙන් පත්වූ ජනාධිපතිගේ  දින 100 යේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවේ යැයිද ශ්‍රී ලංකාවේ නැවත වතාවක් දුෂණයෙන් සහ භීෂණයෙන් තොර පොදු ජනයාට හිතවාදී යහ පාලනයක් ස්ථාපිත කිරීම සඳහා නව රජයට හැකිවේවායි සුභ පතන බවද ඔහු පවසයි.

m1 m5 m7