මෛත්‍රී වේදිකාවෙන් අරලිය මැදුරට


විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් එහෙත් ජනපතිවරණය අවසන් වනතුරු නිහඬව සිටින බවත් මාතර නගර සභා මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා (එජනිස) කියයි.

පසුගිය 4 වැනිදා ඔහු මාතරදී සිරිසේන මහතාගේ වේදිකාවට ආවේය. ඊට පසු දින පළාත් සභා මන්ත්‍රීවරයකුගේ වාහනයකින් අරලිය ගහ මන්දිරයට ගොස් මහින්ද රාජපක්ෂ ජනපති හමුවූ බවත් තම ප්‍රශ්නයට සවන් දුන් ජනපතිතුමා මාතර වැඩ කළ නොහැකි නම් කොළඹ වැඩ කරන්නැයි කිවූ ජනපති තමා ඇමති බැසිල් රාජපක්ෂ මහතාට බාරදුන් බවත් ඔහු පවසයි. ජනාධිපතිතුමාට මම කීවා නිහඬව ඉන්නම් කියා. ඉන්පසු මා ගෙදරට ගෙනත් ඇරලුවා.