(මනෝප‍්‍රිය ගුණසේකර)
අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විශ‍්‍රාමික මේජර් නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතාට අද (23) නියම කරමින් නොතිසි නිකුත් කළේය.
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට පිළිබඳව අධිකරණයට දැනුම් දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව මීට පෙර අවස්ථාවකදී කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය අමතමින් මෙම නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශ කර ඇතැයි දැනුම් දී තිබිණි.
පසුගිය 12 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී විශ‍්‍රාමික මේජර් නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා අදහස් පළ කරමින් මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවටත් පැමිණිල්ලට ලකුණු කිරීමට පවා නොහැකි ලේඛන ලකුණු කිරීම සඳහා විනිසුරුවරයා විසින් පැමිණිලි පාර්ශ්වය පොළඹවා ඇති බවටත් පවසා ඇතැයි දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා දැනුම් දුන්නේය.
අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය හමුවේ එලෙස අදහස් දක්වා ඇතැයිද ඉන් ඔහු අධිකරණයට අපහාස කර ඇතැයිද පෙන්වා දුන් දිලීප පිරීස් මහතා අදාළ මාධ්‍ය සාක්ච්ඡාවේ හඬපට එම මාධ්‍ය සාක්ච්ඡාව ආවරණය කළ මාධ්‍ය ආයතන වලින් ලබාගෙන විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කළේය.
ඒ අනුව පොලිස් පරීක්‍ෂක විජේසිංහ මහතා විසින් විමර්ශනයක් සිදුකළ අතර එම විමර්ශනයේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි නියම කරමින් විශ‍්‍රාමික මේජර් නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතාට නොතිසි නිකුත් කළේය.

