මේජර් අජිත් ප්‍රසන්න වෙනත් වාට්ටුවකට


ජයන්ත සමරකෝන්

 

රිමාන්ඩ් බාරයට පත්කර සිටින මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෙනත් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහලේ මේජර් අජිත් ප්‍රසන්න මාරු කළ වාට්ටුවේ රෝගී රැඳවියන් 30 දෙනෙකු පමණ රදවා සිටින අතර එහි විශේෂ ස්ථානයක අජිත් ප්‍රසන්න මහතා රඳවා සිටින බවද පැවසේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය බාරයේ සිට සැකකරු වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇත්තේ විශේෂ වාර්තාවක් ලබාගැනීමට බවද පැවසේ.

අජිත් ප්‍රසන්න මෙම මස 19 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.