මේ සැරේ වළහා ගහට නඟී


යාල වනෝද්‍යාන මායිමේ සිතුල්පව්ව යෝද කණ්ඩියේ පස්සරයාය ගෙදරක අඹ ගසකට නැඟ සිටි වළසකු  නිර්වින්දනය කර බිමට ගෙන යාල ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට වනජීවී නිලධරයෝ සමත්වූහ.

අද අලුයම දොර ළඟ කෙඳිරියක් ඇසී බලද්දී කාන්තාවක වළහා දැක ඇති බවත්, ඇගේ කෑගැසීම අසා වැසියන් එහි එද්දී වළහා අඹ ගහට නැඟ ඇති බවත් කියති.

කෑම සොයා ගිය මේ වළසා ගමට එන්නට ඇතැයි පැවැසේ.