මේ වසරේම ආර්ථිකය ගොඩගන්න සියලු දේ කරනවා


(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ තවත්  විදෙස් ආධාර ලබාගෙන මේ වසරේදීම  ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑමෙි වන්දිය දැන් ගෙවමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වසර වන විට සමතුලිත අයවැයක් හෝ ප්‍රාථමික  ශේෂයේ අතිරික්තයක් කරා යොමු වීමට හැකි බවට විශ්වාස  කරන බවද කීය.

මෙම වසරේදී ස්ථාවරකරණයක් කළද එළඹෙන 2023 වසරේ ගෝලීයව දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අවම අගයක පවතිනු ඇතැයිද  එහෙත් 2024 සිට  ඉදිරියට යාමට හැකි තත්ත්වයක් ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කොළඹ දී වෘත්තිකයන්ගේ සමුළුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.