මෙහෙමත් වැඩ


21 හැවිරිදි පුතා පෙරදින (29) රාත්‍රී වෙඩි තබා මරා දැමූ බව කියන කලවාන කොස්වත්තේ පියකු සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

මේ අතර රාගම සෝමවීර මාවතේ කුලී නිවසක පදිංචිව සිටි නැන්දම්මාට (64) නියනකින් ඇන මරා බිරියට බරපතල තුවාල කළ බව කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.