මෙහෙමත් පියෙක්


පියකු රත්කළ පිහියෙන් අවුරුදු පහක් වයසැති පුතා පිළිස්සී යැයි ගල්කිස්ස පොලිසිය කියයි. පිළිස්සුම් කැළල් ඔහුගේ බෙල්ලේ ද දැක ගත හැකිය. ‘පිහිය රත්කැරගෙන එන්නැයි තාත්තා කීවා. ආච්චි තේ හැදූ ලිපෙන්  පිහිය රත්කැර ගෙන ආවා. තාත්තා ඒ පිහියෙන් මල්ලිගේ අත පිළිස්සුවා යැ‘යි එම දරුවාගේ වැඩමහල් සොහොයුරිය (7)   පොලිසියේ කාන්තා කාර්යංශයට කියා ඇත. පියා අත්අඩංගුවට ගෙන නැති අතර මව පොලිසියේ රඳවාගෙන සිටියි.