මෙහෙණි සස්නේ තවත් උපසම්පදාවක්


සියම් නිකායේ රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ උයන්වතු රජමහා විහාරයේ මෙහිණි උපසම්පදා පින්කම විසි වැනි වරටත් ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් හා කොත්මලේ සිරි සුමේධ මෙහිණියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහෙණියෝ විසිපස් නමක් උපසම්පදාව ලදහ. දැනට ශ්‍රී ලංකාවේ උපසම්පදා මෙහෙණින් වහන්සේ දෙදහසක් වැඩ සිටිතියි සිරි සුමේධා ලේඛකාරිකාරිණිය කියන්නීය.