මෙහෙකාරියට බර දඬුවම්


රාජ්‍ය නොවන සංවධානයක බි‍්‍රතාන්‍ය කතකගේ කොල්ලූපිටියේ නිවසෙන් ඇමෙරිකා ඩොලර් සියයක් අයි පොඞ් උපකරණයක් අත් ඔරලෝසුවක් ඇතුළු බඩු මුට්ටු සොරාගත් මොහොමඞ් ස්මිත් පරීනා නම් වැඩකාරියට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා 18 මාසයක සිර දඬුවමක් පනවා එය පස් වසරකට අත්හිටුවා රුපියල් තුන් දහසක දඩයක්ද ගැසීය. පැමිණිලිකාරියට රුපියල් 20000 වන්දි ගෙවන ලෙසද ඇයට නියම විය.