මෙහෙකාර දැරිය මියයාමේ සිද්ධියට බදියුදීන් සහ බිරිය 17 තෙක් යළි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 17 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද 6 නියෝග කළාය.

මෙම සිද්ධියට සම්බන්ධ නඩුව අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.

මෙම සිද්ධියට අදාළ පළවෙනි සැකකරු වන අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු සහ 4 වැනි සැකකරු වන හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා ඇප මත මුදා හැරීමට ද අධිකරණය තීරණය කළේය .