මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරාජයට හේතුව දුර්වල පහර තේරීම සහ අවධානය බිඳී යාමයි


මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරජයට හේතුව මේ යයි එක එල්ලේම කිව නොහැකි නමුත් දුර්වල පහර තේරීම නිසාත්, පිතිහරඹයේ අවධානය බිඳී ගිය නිසාත් තමන් තරගය පරාජය වූ බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. තරගයෙන් අනතුරුව මෙල්බර්න් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී මහේල මේ බව පවසා සිටියේය.
”තරගය ආරම්භ වූ ගමන්ම, (දෙවැනි ඉනිමේ) පළමු  ඕවරයේදී අපේ කඩුලූ දෙකක් දැවී ගියා. ඒකෙන්  ඕස්ටේ‍්‍රලියානු පිලට විශාල ජවයක් ලැබුණා. අපේ කඩුලූ එක පිට එක වැටුණා”
”මේ තරගයේදී අපට වැරදුණේ කොතැනද කියා ඇගිල්ල දිගු කරලා පෙන්වන්න බෑ. බොහෝ දුර්වල පහර තේරීම් රැුසක්ම එහි තිබුණා විතරක් නොවෙයි පිතිහරඹයේදී තිබිය යුතු අවධානයත් අප වෙතින් ගිළිහී ගියා” යයි මහේල ජයවර්ධන පැවසීය.
ටෙස්ට් තරගාවලිය පරාජය වී අවසන් නමුත් සිඞ්නිහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී වඩාත් හොඳ තරගයක නිරත වෙමින් කණ්ඩායමේ ගෞරවය සඳහා සටන් කළ යුතු බවත් මහේල පැවසීය.
මහේල සිය අවසන් ටෙස්ට් ඉනිම හයේදීම ලකුණු 19 ඉක්මවා යාමට අපොහොසත්ව සිටින අතර මෙල්බර්න් පිටියේදී ඔහු දැවී ගිය ආකාරයෙන් පෙන්නුම් කළේ ලකුණු ලබාගැනීමට ගන්නා අසීරු උත්සාහයයි.
”ඇත්ත වශයෙන්ම මේ තරගාවලියේදී මා පිටියේ රැුඳී සිටිය යුතු කාලය ඉඳලා නෑ. ඒ නිසා මගේ පිතිහරඹය නැවතත් සුපුරුදු මට්ටමට ගෙන එන්නේ කොහොමද කියලා මා නිහඬවම සිතා බලන්න  ඕනෑ” යයි තමන් දැවී ගිය ආකාරයන් පිළිබඳව කණස්සල්ල පළකරමින් ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.
35 හැවිරිදි මහේල ජයවර්ධන ටෙස්ට් පිලේ නායකයා වශයෙන් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා සිඞ්නි නුවරදී ආරම්භ වේ.