ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කරමින් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා 2013 ජනවාරි 23 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය ගාල්ල මහාධිකරණ විනිසුරු ඒ බී කේ හිරිඹුරේගම මහතා අද බල රහිත කළේය.
මෙත්සිරි සිල්වා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නියෝජ්‍ය නගරාධිපති කැළුම් සෙනවිරත්න නගරාධිපති ධුරයේ වැඩ බැලුවේය. මහා ඇමැතිගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් මෙත්සිරි සිල්වා මහතා ගාල්ල මහාධිකරණයේ නඩු පැවැරීය.
මහා අමැති, හිටපු පළාත් පාළන කොමසාරිස් ඇතුළු පිරිසක් නඩුවේ වගඋත්තරකරුවෝ වූහ.

